පසුගිය සිකුරාදා යුගදිවියට පැමිණි පියුමි බොතේජු ඇයගේ පෙම්වතා වුණු සුනෙත් ඇයට මුණගැහුණු විදිය ගැන මේ වෙනකොට පුවත්පතකට කියලා තියෙනවා. දෙන්නගේ ආදරේ පටන් අරන් දැන් අවුරුදු 2ක් වගේ වෙනවලු. හැබැයි පුංචි කාලේ ඉඳන්ම පියුමි සුනෙත්ව දැනගෙන ඉඳලා තියෙනවා.
දවසක් පියුමිගේ පස්සෙන් ආව කොල්ලෝ ටිකකට අයියලා එක්ක පියුමි ගහන්නත් ගිහින්. ඒ කතාව ගැන පියුමි කියලා තිබුණේ මෙන්න මේ විදියට.
‘‘මට මතකයි මම 8 වසරේදී විතර මගේ පස්සෙන් ආපු කොල්ලන්ට අයියත් එක්ක ගිහින් ගහලත් තියෙනවා. එතකොට සුනෙත්ගේ අම්මා අපේ අම්මාගෙන් ඇහුවලු ඔයාගෙ දුවගෙ පස්සෙන් ආපු කොල්ලන්ට අපේ පුතා ගැහුවේ දෙන්නගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා‘‘
හැබැයි ඒ කාලේ දෙන්නා අතරේ සම්බන්ධයක් නම් තිබිලා නෑ. සුනෙත් කියන්නේ පියුමිගේ අයියගේ හොඳම යාළුවාලු. ඒ කාලේ සුනෙත් ගැන තිබුණේ ගෞරවයක් වගේම සහෝදර ප්‍රේමයක් කියලත් පියුමි කියලා තියෙනවා. කොහොම වුනත් පස්සේ සුනෙත් තමන්ට ආදරෙයි කියලා කීවම පියුමිත් තමන්ගේ ආදරේ ගැන එයාට කියලා තියෙනවා.