පසුගිය 24වනදා රාත්‍රී 10.30ට පමණ හදිසි වරෙන්තුවක් ලබාගෙන රටබීම සැලක් හා රාත්‍රි සාමාජ ශාලාවක් වටලා එහි සිටි ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවන් 10ක්, එහි කළමණාකරු මෙන්ම තවත් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
පන්නිපිටියේ ප්‍රසිද්ධ පාසැලක් ආසන්නයේ මෙම ස්ථාන බලපත් නොමැතිව පවත්වාගෙන ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගේ විශාල විරෝධයක් පැමිණීම නිසා ඒ පිළිබදව සොයා බැලීමේ දී මෙම ගණිකා නිවාසය වැටලීමට පොලිසියට හැකිවී තිබෙනවා.
වටලන අවස්ථාවේ එහි සිටි වයස අවුරුදු 27 සිට 44 දක්වා වයස්වල කාන්තාවන් 10ක් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් කොළඹ, මොරටුව, ජා ඇල, හෝමාගම, පැල්මඩුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.