නවගත්තේගම, කැලේවැව ප්‍රදේශයේ පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව එම දැරියගේ සුළු පියා හා දැරියගේ පෙම්වතා යැයි පැවසෙන එක්දරු පියෙකු (26) වන දින අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි.
ලිංගික අපයෝජනයට පත්ව ඇත්තේ පාසල් නොයන දැරියක් බවත්, දැරියගේ පියා කුඩා කලදී මරණයට පත්ව ඇති අතර, දැරියගේ මව විසින් පසු විවාහවූ තැනැත්තා විසින් අදාල දැරියව අවස්ථා ගණනකදී මව නිවසේ නොමැති අවස්ථාවලදී ලිංගික අපයෝජනය කර ඇති බවත්, ඒ අතරතුර දැරිය ගිරිබාව ප්‍රදේශයේ තිස් එක් හැවිරිදි එක් දරු පියෙකු සමග පෙම් සම්බන්ධයක් පවත්වගෙන ගොස් ඇති බවත්, පසුව ඔවු සමග රහසේ පැන ගොස් ඇති බවද, කියයි.
දැරිය පුද්ගලයෙකු සමග පැන ගොස් ඇති බවට මව විසින් නවගත්තේගම පොලිසියට පැමිණිළි කර ඇති අතර, ඉන් පසු පොලිසිය කල විමර්ශණ වලින් පසු හෙළිව ඇත්තේ සුළු පියාගේ ලිංගික හිරිහැර ඉවසා ගත නොහැකිව වෙනත් අයෙකු සමග රහසේ පෙම් සබදතාවයක් පවත්වාගෙන ගොස් ඔහු සමග පැන ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධව සැකකාර එක්දරු පියා හා දැරියගේ සුළු පියා නවගත්තේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.