කුසල් 116යි, ඩිල්ෂාන් 62යි
මැතිව්ස් 70යි, මිලින්ද 52යි
සංචාරක පාකිස්ථාන පිල හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟාවලිය නිමාවූයේ 3-2ක් ලෙසින් පාකිස්ථානයට ජය ගෙනදෙමින්. මුල් තරඟ 4න් 3ක්ම ජයගත් පාකිස්ථානය තරඟ 4ක් නිමාවන විට තරඟවලිය ජයගෙන තිබූ අතර ශ්‍රී ලංකා පිලේ ගෞරවය වෙනුවෙන් ඊයේ (26) පැවති තරඟයේදී අගනා ඉණිමක් ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් හා මිලින්ද සිරිමාන්න සමත්වුණා.
එහදී කුසල් ජනිත් වේගවත් ලකුණු 116ක් රැස් කරමින් ඔහුගේ එක්දින දිවියේ 2වන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඩිල්ෂාන් අර්ධ ශතකයක් සමඟින් එක්දින දිවියේ ලකුණු 10,000සීමාවද පසුකිරීමට සමත්වුණා. එම සීමාව පසුකළ 4වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයක්.
එමෙන්ම නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 40කින් ලකුණු 70ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් දැක්වූ නවක ක්‍රීඩක මිලින්ද සිරිමාන්න පන්දු 26කදී ලකුණු 52ක් රැස්කිරීමට සමත්වුණා. ඒ අනුව පන්දු ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් පමණක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 368ක්.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්ථාන පිලේ පිතිකරුවන්ට සාර්ථක ඉණිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ නොදුන් අතර ඒ අනුව ඔවුන් සියළු දෙනා ලකුණු 203කට දවාගැනීමට සමත්වුණා. පන්දුයැවීමේදී සචිත්‍ර සේනානායක කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා.
කුසල්ගේ ශතකය, මැතිව්ස්ගේ හා මිලින්දගේ අගනා ඉණිමේ වීඩියෝ මෙන්ම ලකුණු පුවරුව පහතින්.....