තංගල්ල - පල්ලිකුඩාව ප්‍රදේශයේදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද පෙරවරු 9 යි 45 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
ජයවීර පටබැඳිගේ නිලුක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මියගිය පාතාල කල්ලි සාමාජිකයා 38 වන වියේ පසුවූ දෙදරු පියෙක්. ඔහු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මොහු ඝාතනයට ලක්වන අවස්ථාවේ තවත් පුද්ගලයන් දෙදෙනෙකුද සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති බව සඳහන්.
එහිදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු ඝාතනය සිදුකර පළාගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් උක්කුවා නැමති පාතාල කල්ලි සාමාජිකයා සමඟ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.