පාකිස්ථානය සමගින් පැවැත්වෙන පන්දු වාර 2020 ක්‍රිකට් තරගාවලිය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා වූ ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා. මෙම සංචිතය මාධ්‍ය මගින් ප්‍රචාරය වූ පසු එම සංචිතයේ හිටපු පන්දුවාර 2020 ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් නොවී තිබීම ක්‍රිකට් ලෝලින්ගේ මෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයේ සියළුදෙනා අතර කථාබහට ලක් කරුණක් බවට පත් වුණා.
ඒ පිලිබදව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකුගෙන් කල විමසිමකදි ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී එළැඹෙන ඉන්දියානු සංචාරය සදහා දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවේක ගැන්වූ බවයි.
එහෙත් මේ වන විට ක්ෂේත්‍රයේ තතු දන්නා පුද්ගලයින් සහ ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පන්දු වාර විස්ස නායක ලසිත් මාලිංග සහ චන්දිමාල් අතර ඇති යම් පෞද්ගලික ගැටළුවක් හේතුවෙන් චන්දිමාල් මෙසේ කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම මාලිංග, චන්දිමාල් කණ්ඩායමට ඇතුලත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකර ඇති බවත් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.
කෙසේ නමුත් මෙම හේතුව නිසාවෙන් චන්දිමාල් හට ඉදිරියේදී පැවැත්වෙන 2020 තරඟ දෙක අහිමි වූ බවට ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
පසුගිය පන්දු වාර විස්ස ලෝක කුසලානයෙන් අනතුරුවද මෙම කරුණු පිළිබඳව දිගින් දිගටම විවිධ මාධ්‍යන් තුලින් මෙන්ම සමාජජාල වෙබ් අඩවි තුලින්ද කතාබහට ලක්වුණා.