ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඉදිරියේදී වෙනම දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ජාතික හෙළ උරුමය සිය පක්ෂයේ නම සහ ලාංඡනයද මේ වනවිට වෙනස් කර තිබෙනවා.
ඔවුන් එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සිය පක්ෂයේ නම වෙනස් කර ඇති අතර, මෙතෙක් එම පක්ෂයේ පැවති හක් ගෙඩිය ලකුණ වෙනුවට දැන් එහි සළකුණ දියමන්තියයි.