පසුගියදා කැළණිය විහාරය වැඳපුදා ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගිය අතර එම අවස්ථාවට දේශපාලඥයින් රැසක්ම සහභාගී වී සිටි බවට වාර්තා වුණා.
ඒ අතර සිටි මර්වින් සිල්වාද චන්ද්‍රිකා මහත්මිය හමුවී කතා කිරීමට දැඩි උනන්දුවකින් පසුවී ඇති අතර ඇය එනතුරු කැළණිය විහාර පරිශ්‍රයට වී සිටිමටද ඔහු කටයුතු කර තිබෙන බවට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණා.
එමෙන්ම එදින චන්ද්‍රිකා මහත්මිය හමුවී ඇය සමඟින් කතාකිරීමට අවස්ථාවක් ලබාගන්න මර්වින් සිල්වා විසින් ඇය ආ ගිය ස්ථාන කරා පසුපස ගොස් ඇති නමුත් ඔහු කියන කිසිදු දෙයක් අසන්නට ඇය කටයුතු කර නැත. කෙසේ හෝ නැවතත් තමන් චන්ද්‍රිකා මහත්මිය සමඟින් සුහද ලෙස කතා කරන බවට ඉටාගෙනදෝ මර්වින් සිල්වා විසින් ඇය පිවිසි දේවාලයකටද ගොස් ඇත.
එම අවස්ථාවේ දේවාලය ඉදිරිපිට සිටි ඔහු චන්ද්‍රිකා මහත්මියට ඇසෙන සේ පවසා ඇත්තේ ‘‘ආ... මම තමයි මේකේ තියෙන ඒවා හැදුවේ. දන්නවද මැඩම් කියායි.
එයට පිළිතුරු දුන් චන්ද්‍රිකා මහත්මිය පවසා ඇත්තේ ‘‘ඔයා දේවාලය හැදුවට පස්සේ කැළණියේ හිටපු දෙවිවරුත් ගියා‘‘ යනුවෙනුයි. මෙය ඇසීමෙන් කෝපයට පත් මර්වින් සිල්වා කිසිවක් නොකියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.