තලංගම එම්.ඩී.එච්.ජයවර්ධන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගනයට අද (03) උදෑසන සැහැල්ලු ගුවන් යානයක කොටසක් කඩා වැටී තිබෙනවා.
එය දිගින් අඩි දෙකක් සහ පළල අඩි එකහමාරක් පමණ වන නිල් පැහැති කොටසක් වන අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියට ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.