තමා විසින් භාවිත කරන වෙඩි නොවදින රථය මැතිවරණ සමයේ පරිහරණයේදී කිසියම් මුදලක් රජය වෙත ගෙවිය යුතුදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ අදාළ යෝජනාව ප්‍රශංසනීය බවයි.
ඒ සම්බන්ධයෙන් ඊයේ (02) සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත්තේ අදාළ වෙඩි නොවදින රථය පරිහරණය සඳහා කිසියම් මුදලක් තීරණය කරන ලෙස මුදල් අමාත්‍යාංශයට සහ විගණකාධිපතිවරයා වෙත දැනුම්දීමටයි.
මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යෝජනා කර ඇත්තේ මැතිවරණ සමයේ අමාත්‍යවරුන් පරිහරණය කරන රජයේ වාහන සඳහා ද මුදලක් අය කිරීම සුදසු බවයි. ඒ අනුව ඒ සඳහා ද නියමිත මුදලක් අය කිරීමට තීරණය කෙරුණා.