Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
02
මහින්දට නිදහස් සන්ධානයෙන් නාමයෝජනා දීම ජනපති ප්‍රතික්ෂේප කරයි

- මහින්දට නිදහස් සන්ධානයෙන් නාමයෝජනා දීම ජනපති ප්‍රතික්ෂේප කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළ බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අද දිනයේ පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදීයි.


පසුගිය දින කිහිපය පුරාම මහින්ද රාජපක්ෂ මහතා තරඟ කරන්නේ කුමන පක්ෂයෙන්ද යන වග පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහක් ඇති වුණා. කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයකින් වෙනස් ලකුණකින් මෙවර මැතිවරණයට තරඟ වදිනු ඇති බවයි.

අද රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයෙන් හෝ නිදහස් පක්ෂයෙන් නොවන වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (02) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කරන ආකාරය අදාළ රැස්වීමේදී තීරණය කරන බවයි.

මේ අතර, කථානායක චමල් රාජපක්ෂ වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන ඔහු මේ බව සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (02) මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියා. ඒ පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීයි. එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියා.

 මේ අතර මැදමුලන දී ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ  තමන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ජනතා ඉල්ලීම මත තීරණය ගත්  බවද හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයකින් ද යන්න ප්‍රකාශ කළේ නැහැ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සුළු පක්‍ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරගයට එනු ඇති බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top