ගිරිබාව, පොතානේගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහකයකු විසින් රෝහල් යෑමට පාරට පැමිණ බසයක් එනතුරු සිටි කාන්තාවක් තම යතුරුපැදියේ දමාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකල පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.
ඔහු විසින් මෙම අපරාධය සිදුකර ඇත්තේ කාන්තාව සොහොන් පිටියකට ගෙන ගොස් බවටද වාර්තාවෙනවා.පසුගිය 25 වැනිදා දහවල් අදාල කාන්තාව මාර්ගය අසල රැදී සිටි ඇති අතර යතුරුපැදියේ ආ පුද්ගලයා පවසා ඇත්තේ තමන්ද නගරයට යන බවත් ඔහු සමඟින් යතුරුපැදියේ යා හැකි බවත්ය.
කාන්තාවද ඔහුගේ වචනයට එකඟව යතුරුපැදියට නැඟ ඇති අතර කාන්තාවද රැගෙන ඔහු යතුරුපැදියේ ගමන් මඟ වෙනස් කරන්නට වී තිබෙනවා.
පසුව පාළු ප්‍රදේශයක පිහිටි සොහොනක් වෙත යතුරුපැදිය ධාවනය කරගෙන ගොස් ඇති සැකකරු කාන්තාව එයින් බස්වාගෙන ගොස් ඇය බියගන්නවා ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බවට වාර්තා වෙනවා.
කෙසේ නමුත් ඒ අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මොවුන් දෙදෙනා සිටිනු දැක ප්‍රශ්න කරන්නට වී ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට ඔවුනට හැකිවී තිබෙනවා.
මෙසේ ලිංගික අපයෝජනයක් සිදුවූ බව කියන කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.