40ක් අත්අඩංගුවට
කැළණිය පොලිස් බල ප්‍රදේශයට අයත් පොලිස් වසම් 12ක සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් අධිකරණය මඟහැර සිටි වරෙන්තුකරුවන් හතළිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ඊයේ උදෑසන 7 සිට පස්වරු 1 දක්වා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සදහන්.
ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විවෘත වරෙන්තුකරුවන් 26 දෙනෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.