නම අසංකා, හිටියේ අසංක විදියටගෙදරට හොරෙන් හොස්ටල් එකටත් එක්ක ගිහින්
තරුණයකු ලෙස වෙස්‌වලාගෙන ගොස් 15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇයව ඇගේ දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගිය 25 හැවිරිදි තරුණියක් කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇගේ නියම නම අසංකා නිරෝෂනියි. කුඩා කාලයේ සිටම පිරිමියෙකු ලෙසින් හැසිරෙන්නට ඇය කැමැත්තක් දක්වා ඇති අතර, ඇය ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැඳී සිට ඇත්තේද අසංක නමැති පිරිමි නමිනුයි.
බොහෝ කාලයක සිටි ඇය හැඳ පැළඳ ඇත්තේද තරුණයෙක් ලෙසින් වන අතර නේවාසිකාගාරයේ පිරිස්ද සිතා ඇත්තේ ඇය පිරිමි ළමයෙකු බවයි. රැකියාව ලෙස මේසන් කාර්මිකයන්ගේ අත් උදව්වට ගොස් ඇති ඇය පසුව බාලවයස්‌කාර තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ඇයව විවාහ කර ගන්නා බව පොරොන්දු වී එම තරුණිය ඇගේ දෙමාපියන්ට හොරා තම නේවාසිකාගාරයට කැඳවාගෙන පැමිණ තිබෙනවා.
එම බාල වයස්‌කාර තරුණියගේ දෙමාපියන් මහව පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර මහව පොලිසියේ දැනුම්දීම පරිදි කටාන පොලිසිය මගින් සැකකරු අත්අඩංගුව ගෙන තිබෙනවා.
පසුව අධිකරණ නියෝග මත එම දෙදෙනා මීගමුව දිස්‌ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. රුහුල්හක් මහතා විසින් සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී තරුණයකු ලෙස හැසිරෙන 25 හැවිරිදි තරුණයා කාන්තාවක් බව අනාවරණය වී තිබෙනවා. බාල වයස්‌කාර දැරිය ඇගේ මවට භාරදෙන ලෙසටත් මීගමුව අධිකරණය නියෝග කර තරුණයකු ලෙස හැසිරුණු 25 හැවිරිදි තරුණිය මහව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කරන තිබෙනවා.