දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවටත් බිය ගන්වලා
17ත් හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනා මත මෙම තරුණියගේ පෙම්වතායැයි සැලකෙන 24 හැවිරිදි තරුණයෙකු හා තවත් තරුණයන් දෙදෙනෙකු සැකපිට පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ නිළධාරින් විසින් (9) වන දින අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු හා පුත්තලම සේවන්තිව් ප්‍රදේශයේ 19 හැවිරිදි හා 21 වයස් වල පසු වූ තරුණයින් බව පොලිසිය කියයි.
සිද්ධියට මුහුණ පා ඇත්තේ කල්අඩිය බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව කියයි. ඇය පුත්තලම නගරයේ පුද්ගලික පරිගණක අධ්‍යාපන ආයතනයක පැමිණ ආපසු නිවස බලා යමින් සිටිය දී. මෙම තරුණියගේ පෙම්වතා යැයි පැවසෙන සැකකාර තරුණයා විසින් යතුරු පැදියක නංවාගෙන පුත්තලම සෙගුවන්තිව් ප්‍රදේශයේ පාළු පොල් ඉඩමකට රැගෙන ගොස් එහිදී දූෂණයට ලක් කර ඇති බවත්, එම සිද්ධිය හොර රහසේ සැගවී බලා සිටි අනෙක් සැකකාර තරුණයින් දෙදෙනා විසින් ඔවුන්ගේ ජංගම දුරකථනයක් ආධාරයෙන් වීඩියෝ කර ඇති බව කියයි.
ඉන් අනතුරුව මෙම සැකකාර තරුණයින් දෙදෙනා මෙම තරුණිය හා ඇගේ පෙම්වතා යැයි පැවසෙන සැකකාර තරුණයාට ජංගම දුරකථනයේ ඇති දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කරන බවට බිය ගන්වා ඇති බවත්, ඉන් අනතුරුව පෙම්වතා යැයි පැවසෙන සැකකාර තරුණයා මෙම තරුණිය තනිකර දමා පලා ගොස් ඇති බව කියයි.
ඉන් අනතුරුව සැකකාර තරුණයින් දෙදෙනා විසින් දස වතාවකට වැඩි ප්‍රමාණයක් මෙම දාහත් හැවිරිදි තරුණියව දූෂණය කර ඇති බවට ඇය පොලිසිය හමුවේ කල ප්‍රශ්ණ කිරීම්වලදී පවසා තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ සිටි තරුණිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය අධිකරණ වෛද්‍ය නිළධාරින්ගේ පරික්ෂණ සදහා යොමු කිරීමට කටයුතු කිරීමට නියමිත බව කියයි. පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුන සැකකාර තරුණයින් තිදෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.