රාගික රඟපෑම් සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන පූනම් පාණ්ඩේ බොලිවුඩයේ මේ වන විට කා අතරත් සිත් දිනාගැනීමට සමත්වී තිබෙනවා. තවමත් 24 වන වියේ පසුවන ඇය පසුගියදා ටයිම්ස් මෆ් ඉන්දියා සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇයගේ දිවිය පිළිබඳව කරුණු රැසක්ම හෙළිකර තිබෙනවා.
ඇය පවසන්නේ රංගනයේදී ගස්වටේ ඇවිදයමින් සින්දු කියන්නට තමන් අකමැති බවයි. එමෙන්ම විවිධත්වයක් ඇති රඟපෑම් ලැබෙන නිළියකවීමටද ඇය වැඩිවශයෙන් කැමති බවට පවසා තිබෙනවා.
ඇය වැඩිපුරම ගෙදරට වෙලා ඉන්නකොට කරන දේවල් ගැනත් මේ ට සම්මුඛ සාකච්ඡාවෙදි කියලා තිබුණා. වැඩිවශයෙන්ම ඇය තමන්නේ සෙල්ෆි ගන්න පුරුදු වෙලාඉන්නවලු. කෑමකන කොට, නිදියන ඇඳ උඩදී වගේම නාන කාමරයේ නාන විටදී පවා ජංගම දුරකථනයෙන් ඇයගේ පින්තූර අරගෙන බලන්න පූනම් පුරුදු වෙලා ඉන්නවාලු. ඇය කියන්නේ තමන් තමන්ට පණවගේ ආදරේ කරනවා කියලා.
ඒ වගේම පූනම් පොඩිකාලේ ඉස්කෝලේ කොල්ලෙක්ට ආදරෙයි කියලා. කොල්ලා කරලා තියෙන්නේ පන්ති භාර ගුරුතුමීට මේ ගැන පැමිණිලි කරපු එකලු. එදා ඉඳන් කොච්චර ආදරේ ඇති වුනත් කොල්ලෙක්ට කියන්නේ නෑ කියලා පූනම් හිතා ගත්තලු. කොහොම වුනත් සල්ලිකාර මනුස්සයෙකුට වඩා හොඳ ගතිගුණ දන්න පෙම්වතෙක් හොයාගන්න එක තමයි වැඩියෙන්ම හොඳ කියලයි පූනම් කියන්නේ.
ඇය මෙම සම්මූඛ සාකච්ඡාවේ වැඩිදුර දැක්වූ අදහස් පහතින්....
හොඳ ආදර සම්බන්ධයක් ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?
හැමදෙයම පරිපූර්ණ වුණු ආදර සම්බන්ධතා අපට මේ ලෝකයේ දකින්න ලැබෙන්නේ නෑ. පුද්ගලිකව සැබෑම ආදරවන්තයකු ඉදිරිපිටදී මම මහ මෝඩ ගෑනියක් විදියටයි හැසිරෙන්නේ.
ඔබ ඔබේ සරාගී සිරුර නඩත්තු කරන්නේ කොහොමද?
අගපසඟ මහත්ව ඉන්න මම ආසයි. මම ඇති තරම් කෙටි කෑම කඩචෝරු කනවා. සාමාන්‍යයෙන් අතට අහුවෙන ඕනම දෙයක් මම කාලා දානවා.
ඕනවට වඩා අප්‍රසන්න විදියට මහත්වෙන සිරුරක් නෙමෙයි මට තියෙන්නේ. ඒ නිසා නිතර ජිම් යන්න වුවමනාවක් නෑ. නමුත් මම යෝග ව්‍යායාම කරනවා. ඉඩ ලැබෙන බොහෝ වෙලාවලදී.
ඇයි ඔබ පිරිමින්ගේ කාමය ඇවිස්සෙන විදියේ විලාසිතා කරන්නේ?