නරුම වැඩේ ගැන පියාගේ අනියම් බිරිඳගෙන් පැමිණිල්ලක්
වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් බුද්ධිසිරිගම ගම්මානයේ කුඩා දැරියක් තම පියා විසින් වරින් වර ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට දැරියගේ පියාගේ අනියම් බිරිය වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ අදාල සැකකරු (7) වන දින වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
මෙසේ අපයෝජනයට ලක්ව ඇති වින්දිත දැරිය වනාතවිල්ලුව ප්‍රදේශයේ උසස් පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි කුඩා දැරියක් බවත්, අදාල දැරියගේ මව හා පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මව මෙම දැරිය අතහැර දමා ගොස් ඇති අතර, අදාල දැරිය තම පියාගේ රැකවරණය ලබමින් පියා සමග නිවසේ ජීවත්ව සිටි බව පොලිසිය සදහන් කරයි.
දැනට මසකට පමණ පෙරදී අදාල දැරියගේ පියා විසින් නිවසේදීම දැරියව කිහිප වතාවක්ම ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට පියාගේ අනියම් බිරිය පොලිසියට කල පැමිණිල්ලකට අනුව සැකකාර පියා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියට අදාල සැකකාර පුද්ගලයා තම බිරිදගෙන් වෙන් වී ඇති අතර, බහු විවාහන් රැසක් සිදු කරගෙන ඇති අතර, මොහු කිහිප වතාවක්ම මෙම දැරියව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, එම අවස්ථාවේදී මොහුගේ අනියම් බිරිය දැක දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දිග දුරයාම හේතුවෙන් මෙසේ සිද්ධිය පොලිසියට වාර්තා වී ඇති බවත්, සැකකාර පියා වනාතවිල්ලුව බුද්ධිසිරිගම ප්‍රදේශයේ පදිංචිකාර (41) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සිදු කල පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
අදාල දැරිය මීට වසර දෙකකට පෙරාතුව දැරියගේ පියාගේ සමීපතම මිතුරෙකු වූ 65ස් හැවිරිදි වයෝවෘද්ධයෙකු විසින් දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට පොලිසිය හමුවේ දැරිය ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම සැකකරු සොයා වනාතවිල්ලුව පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, මොහු ඩබ්ලිව් පහ, වගාව පාර 13 කණුව ප්‍රදේශයේ පදිංචිකුවෙකු බවද. පොලිසිය හදුනාගෙන ඇති බව වනාතවිල්ලුව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධියට අදාල වින්දිත දැරිය වෛද්‍ය පරික්ෂණ වලට භාජනය කිරීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් විශ්වාස ආරංචි මාර්ග සදහන් කරයි.