‘‘මිරිස්‘‘ සමහර අය කන්න ගොඩක් ආසයි. සමහරු නම් කටේ තියන්නෙත් හරිම අකමැත්තෙන්. ඒ වගේම තව කාට හරි චැලේන්ජ් කරන්න බඩ දාගෙන මිරිස් කන අයත් ඉන්නවා.
ඒ විදියට මිරිස් කෑව ඇමරිකාවේ පොඩි කොල්ලෙකුට වුණු අකරතැබ්බයක් ගැන වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.
බාත්රූම් එකක් ඇතුලේ යාළුවෝ ටිකක් එක්ක මේ විදියට ඔහු අනුභව කරන මිරිස් වල සැර සාමාන්‍ය මිරිස් වලට වඩා 400 ගුණයක් වැඩීලු. ඒ වගේම ‘‘අවතාර මිරිස්‘‘ කියලා හඳුන්වන මිරිස් වර්ගය තමයි ඔහු මේ විදියට අනුභව කරලා තියෙන්නේ. වීරයා වගේ කටේ දාගත්තට තප්පර ගාණකින් දනවෝ දනවෝ කියලා කෑ ගහන්න තමයි මෙයාට වෙලා තියෙන්නේ.