දෙල්තොට හෝටලයකට මනාලිය සමග මධුසමය ගත කිරීමට ගොස් සිටියදී අතුරුදන් වූ බව කියන මනාලයා ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ මහමග ඇවිද යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිංචි යුද හමුදා සෙබළෙක්.
විසිතුන් හැවිරිදි තරුණියක සමග මීට මාස හතරකට පෙර විවාහ ගිවිසගෙන මනමාලිය කැඳවාගෙන තම අලුත සෑදූ නිවසේදී දෙමළ, මුස්‌ලිම් යන සියලු දෙනාගෙම සහභාගිත්වයෙන් ජයටම මඟුල්කා මධුසමය ගත කිරීමට හෝටලයට ගොස් ඇති අතර එදින රාත්‍රී 10.30 ට පමණ කාමරයෙන් එළියට ගොස් නැවත පැමිණ නොමැති නිසා මනාලිය ගම්පොල පොලිසියට පැමිණිලි කර තිබුණා.
සිද්ධියෙන් දින හතරකට පසු දාරාඔය ප්‍රදේශයේ ඔහු මහමග ඇවිද යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දන්වා තිබෙනවා.
ඒ මොහොතේ මනාලයා තරමක් අසනීප තත්ත්වයෙන් සිටි හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.
ඔහු පොලිසියට පවසා ඇත්තේ පසුදා මනාලියව නිවසට කැඳවාගෙන යන්න සල්ලි නොමැති නිසා ඒ පිළිබඳ කල්පනාකරමින් හෝටලයෙන් එළියට ගිය අතර එහිදී මගතිබූ ගල්ගුහාවකට ගොස් කිසිදු ආහාරයක් නොමැතිව කාලය ගත කළ බවයි.