කප්පම් ඉල්ලා නයිජීරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රී ලාංකික ඉංජිනේරු ඞී.ඒ. කරුණාදාස ඊයේ(27) නිදහස් කර තිබෙනවා.
ඔහුගේ දියණිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා දුරකථනයෙන් ඒ බව තහවුරු කළ බවයි.
වේයන්ගොඩ - මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ඔහු පසුගිය 19 වැනිදා නයිජීරියාවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී සන්නද්ධ කල්ලියක පැහැර ගැනීමකට ලක්වුණා.
එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ රියදුරා ඔන්ඩෝ ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරුණා.