පිරිමියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක් සමගින් විවාහ වී වසර 08ක් පවුල් කෑ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳව මාතරින් වාර්තා වනවා. මෙම කාන්තාවගේ සැබෑ නම වන්නේ කසුම් දසනායකයි.
කෙසේ නමුත් ඇය කසුන් දසනායක යන නමින් පිරිමියකු ලෙස පෙනී සිට ඇත්තේ වැලිඔය ඇහැටුවැව ප්‍රදේශයේයි. කළකට පසුව වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇය විසින් විවාහ කරගෙන ඇත. ගම්වාසීන්ද පවසන්නේ පිරිමියෙකුගේ හැඩරුව ඇති නිසාවෙන් ඇය කාන්තාවක් බවට හඳුනාගැනීමට අපහසු වූ බවයි.
තමාට නොසලකන බවට විවාහක කාන්තාව විසින් පොලිසියට පැමිණිල්ලක් ද කර තිබු අතර, පිරිමියෙකු ලෙස පෙනී සිටි අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. විවාහය වූ කාලය තුල තමන්ව ස්පර්ශ කිරීමටවත් මොහු නොපැමිණෙන බවට විවාහ වූ කාන්තාව පවසා ඇත. එමෙන්ම විවාහ වූ වසර 8ක කාලය ඔවුන් අඹුසැමියන් ලෙස එක්වී නොමැති බවත් වාර්තා වේ.
තමන් කොළඹ ප්‍රදේශයේ ජොබ් එකක් කරන බවටද විවාහක කාන්තාවට අදාල පාර්ශවය විසින් පවසා ඇත. කෙසේ නමුත් තමන්හට නොසලකනා බවට පවසා පොලිසිය හමුවේ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විභාග කිරීමට යාමේදී අදාලා කාන්තාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇත. ඇයගේ හැදුනුම්පතේද වෙනත් නමක් යොදා සකසා තිබී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඒ අනුව ඔවුන් ව්‍යාජ ලෙස විවාහ වී ඇති බවටද පැවසේ.
ඇයට එරෙහිව වංචනික ලෙස ලිපිලේඛන සකස් කළ බවට ද චෝදනා එල්ල වී ඇත. පසුව සැකකාර කාන්තාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 04 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බවට වැඩිදුරටත් වාර්තා වනවා.