ලබන මස 2 වැනිදා සිට විශ්‍රාම ලබන සියලු රජයේ සේවකයන්ට ‘ෆෝ ඉන් වන්’ (4 in 1) නමින් නව ‘විශ්‍රාම හැඳුනුම්පත් - වීසා’ කාඩ් පතක් ලබාදෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මේ කාඩ් පත ක්‍රෙඩිට් කාඩ් පතක් ලෙස භාවිත කළ හැකි අතර, එමඟින් විශ්‍රාමිකයාට අයත් සියලු වරප්‍රසාද ලබාගත හැකියි.
විශ්‍රාමික, වැන්දඹු, අනත්දරු හා ආබාධිත යන සිවු කොටස වෙනුවෙන් මෙය නිකුත් කරන අතර විශ්‍රාමිකයා මිය ගිය වහාම භාර්යාවට ලිපියක් ඉදිරිපත් කළ සැණින් එය තම නමට හරවාගත හැකියි.
නව ‘4 ඉන් 1 - වීසා’ කාඩ්පත නිසා විශ්‍රාමිකයාට විශ්‍රාම ගත් මාසයේ හෝ ඊළඟ මාසයේ සිටම විශ්‍රාම වැටුප් ගැනීමේ හැකියාව තිබෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
දැනට විශ්‍රාම වැටුප ලබන 522000 ක් පමණ වන පිරිසට ඉදිරියේදී මේ කාඩ් පත ලබාදීමට නියමිතයි.