කහවත්ත කොටකෙතනේ දී සිය මව ඝාතනය කළ බව කියන උෂාන් මහේෂ් ශ්‍රියානන්දගේ පා සළකුණු අපරාධය වූ ස්ථානයෙන් ලබාගත් පා සටහන් හා සසඳන ලෙස පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කර තිබෙනවා.
ලබාගත් පා සටහන්වල ඡායා, රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
පෙරේදා (19) පැවති නඩු විභාගයේ දී මෙම නියෝග නිකුත් කළ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා උෂාන් මහේෂ් ශ්‍රියානන්ද ජුනි පළමුවැනිදා දක්වා රක්ෂිතභාරයට පත්කරනු ලැබුවා.
සැකකරු හා ඔහුගේ පෙම්වතිය සමඟ හුවමාරු කර ඇති දුරකතන කෙටි පණිවුඩ හා දුරකතන ඇමැතුම් පිළිබඳ තොරතුරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එකී සිම්කාඩ්පත් දෙක තොරතුරු ලබාගැනීම සඳහා අධිකරණ නියෝග මත ඉකුත් දා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ පර්යේෂණ ආයතනයට යොමුකර තිබුණා.