අපි කවුරුත් දන්න ප්‍රිහාන්ට "කපුගේ" කෑල්ලක් ආවේ කොහෙන්ද? මෙන්න මේකයි කථාව...ප්‍රිහාන් පහුගිය දවසක මහා සංගීත ප්‍රසංගයකට සහභාගි වුණා.මහා සංගීත ප්‍රසංගයක් නිසාම මේකට රියසල් එකකුත් තිබුණා...
ඒකට ප්‍රිහාන් වගේම තවත් ජනප්‍රිය ගායක ගායිකාවෝ සහභාගි වුණා. මේ ප්‍රසංගයේ දි ප්‍රිහාන්ගේ නම සඳහන් වෙලා තිබුණේ "ප්‍රිහාන් කපුගේ" කියලා. ඒ වෙලාවෙදි අනෙක් ගායක ගායිකාවෝ ප්‍රිහාන්ට කිව්වේ නම ඉක්මනට හරි ගස්සන්න, නැත්නම් ෂෝ එකේදිත් එහෙම්මම කියයි කියලා. ඒ වෙලාවෙ නම වෙනස් කර ගන්නවාමයි කියලා දැඩි අධිෂ්ඨානයක හිටිය ප්‍රිහාන්ට ටිකකින් ඒක අමතක වෙලා ගියා. ඔන්න ෂෝ එක දවස උදා වුණා. ඊළගට සින්දු කියන්න ඉන්නේ ප්‍රිහාන්. නිවේදක මහත්තයා මයික්‍රෆෝනය අරගෙන මෙන්න මෙහෙම කියනවා.
"ඔව්.. යායයට පායනා වැව් තලේ ගීත ගායනා කරමින් අපගේ හදවත් කැලඹූ ඒ ගායකයා දැන් වේදිකාවේ.... පිළිගන්න ප්‍රිහාන් කපුගේ......"
ඈ... මාර කේස් එක...
ඕටියන්ස් එකත් උඩ බිම බලනවා. අනේ මොනවා කරන්න ද? වේලාසනෙන් නම මාරු කර ගන්න කිව්වට එහෙම කළේ නෑනේ. මේ ඔක්කොම හිත හිත ප්‍රිහාන් ස්ටේජ් එකට නැග්ගා. සින්දු දෙක කියලා පටස් ගාලා ස්ටේජ් එකෙන් බැස්සා. ඊළගට තමයි නියම වැඩේ. මේ සංගීත ප්‍රසංගය සංවිධානය කරපු සංවිධායක මහත්තයෙක් ප්‍රිහාන් ළගට දුවගෙන ඇවිල්ලා, මේ ප්‍රිහාන් තාත්තාගේ නම්බර්ස් දෙක තුනකුත් කියමුද..? කියලා ඇහුවා... එහෙම අහපු ගමන් ප්‍රිහාන් උඩ ගියා. එකපාරටම සංවිධායක මහත්තයාගෙන් ප්‍රිහාන් ඇහුව,
"තාත්තා..... ?
"අපේ තාත්තාගේ නම්බර්ස්..? "
ඊළගට සංවිධායක මහත්තයා කියනවා ඔව් ඔව් ගුණදාස කපුගේ මහත්තයාගේ.....
එතකොට තමයි ප්‍රිහාන්ට වැඩේ තේරුණේ.... කට්ටිය ඔක්කොම හිතාගෙන ඉදලා තියෙන්නේ ප්‍රිහාන් කියන්නේ ගුණදාස කපුගේ මහත්තයාගේ පුතා කියලා. ඊට පස්සේ ප්‍රිහාන් ටක් ගාලා සංවිධායක මහත්තුරුන්ට තමන් ගුණදාස කපුගේ මහත්තයාගේ පුතා නෙමෙයි කියලා ඔලූවේ අත ගහලා දිවුරලා එතනින් මාරු වුණා.
"අනේ ඉතින් ප්‍රිහාන්ට වුණ හදියක්. Sorry.. Sorry ප්‍රිහාන් කපුගේට වුණ හදියක්."