ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවත් එය ගොඩනැංවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතර - දෙවිනුවර ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැන් පොලීසිය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද හිටපු ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රකාශ කළ ද එවැන්නක් සිදුකර නොමැති බවයි ඔහු කියා සිටියේ.