තමාට ඉක්‌මනින් විවාහයක් කර දෙන ලෙසට පියාට බල කර නිවසින් පැන ගිය දහතුන් හැවිරිදි දැරියක් පිළිබඳව මීගමුවෙන් වාර්තා වනවා.
මෙම දැරිය කොළඹ ගොල්ෆේස් හි හුදකලාව සිට හමුවූ අතර ඇය ගැලවීමේ හමුදාවට භාරදීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළා.
කටාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය ඇය කුඩා කල සිට පිරිමි ඇසුරට රුචිකත්වයක් දැක්‌වූ අතර එම හේතුවෙන් ඇගේ ඉගෙනීම කඩා කප්පල්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඉන් අනතුරුව ඇය තරුණයන් දෙදෙනකු සමග පලාගිය අතර එම තරුණයන් දෙදෙනාට බාලයස්‌කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මේ වන විට නඩු විභාගයක්‌ද පවතිනවා.
මෙම තත්ත්වය යටතේ එම දැරිය අධිකරණය මගින් පරිවාස ගත කළත් ඇය පරිවාස නිවාස වලින්ද පලා විත් තිබෙනවා.
පසුව ඇගේ භාරකාරත්වය දෙමාපියන්ට පැවරුණු අතර ඇය යළිත් වරක් නිවසේ තාප්පයට ඉනිමගක් තබා පැන පලාගොස් ඇත්තේ ඒ අතර තුරයි.