සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කොට වසර හතක් තිස්සේ තැන්පතු මුදල් ලබාගත නොහැකිව අසරණව සිටින තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත තැන්පත් මුදල් ආපසු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන් සිය සංගම් මඟින් ශ්‍රී ලංකා මහබැංකුව හා බැංකු මූල්‍ය පද්ධති වගඋත්තරකරුවන් කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති අංක එෆ්. ආර්. 191 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට එකඟ වනනේ නම්, තැන්පත් මුදල් ක්‍රමවත් වැඩපිළිවෙළක් මත ආපසු ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසනවා.
මුදල් අමාත්‍යාංශයේ ඊයේ (13) උදේ තමන් හමු වූ තැන්පත්කරුවන්ගෙන් එසේ ඇමැතිවරයා විමසු විට, ඊට එක්ව සිටි සියලු දෙනා එකඟත්වය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන දෙකකට අඩු මුදල් මාසයක් ඇතුළත දීත්, මිලියන දහයකට අඩු මුදල් මාස දෙකක් ඇතුළතදීත්, ඊට වැඩි මුදල් අවුරුද්දක් ඇතුළතදීත් ආපසු ලබාදීමට මහබැංකුව විසින් පියවර ගන්නා බව ඇමැතිවරයා මෙහිදී තැන්පත්කරුවන්ට සහතික වුණා.
මේ අනුව ලබන 18වැනිදා යළි නඩුව කැඳවූ අවස්ථාවේ දී තැන්පත්කරුවෝ එය ඉවත් කරගනු ඇති.