හිරු CIA තුළින් පසුගියදා අනාවරණය කිරීමෙන් අනතුරුව විල්පත්තු වන විනාශය පිළිබඳව විශාල පිරිසක් අතර කතාබහක් ඇතිවුණා. එය රූපවාහිනී මාධ්‍යයන්ගෙන් ඔබ්බට ගොස් සමාජාජාල වෙබ් අඩවි ඔස්සේද කතාබහට ලක්වුනේ සිදුවන විනාශය වහාම නතර කළ යුතුයැයි බොහෝ පිරිසකගේ ඉල්ලීම වෙමිනුයි.
මේ අතර ජපානයේ සිසුන් පිරිසක් විසින්ද විල්පත්තු වන විනාශයට විරුද්ධව සිංහලෙන් ලියන ලද පොස්ටර් අතැතිව සිටින ඡායාරූප පෙලක් අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.