බද්දේගම, හම්මෑලිය ප්‍රදේශයේ දී පාසල් බස් රථයකින් වැටී එම බස්රථයේ රෝදයට යටවීමෙන් ඉමල්ෂා දෙව්මිණී දම්මුල්ල දැරිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථයේ රියැදුරු මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම වැඩ බලන මහේස්ත්‍රාත් වීරසිරි ඩයස් මහතා නියෝග කළා.
තම පියාට අයත් බස්රථයෙන් පාසල වෙත යමින් සිටියදී හදිසියේ බස් රථයේ තිරිංග තද කිරීමෙන් බස් රථය තුළ සිටි දැරිය ඉන් ඉවතට විසිවී බස්රථයේ ම පිටුපස රෝදයට යටවීමෙන් බරපතල තුවාල ලබා බද්දේගම රෝහලේදී ජීවිතක්ෂයට පත්වූණේ පෙරේදා(12)පෙරවරුවේ දී.
ජීවිතක්ෂයට පත් දැරියගේ පාර්ශ්වය වෙනුවෙන් දැරියගේ පියා රෝගී තත්ත්වයෙන් රෝහල්ගතව පසුවීමත් දැරියගේ මව ගර්භණී තත්ත්වයේ පසුවීමත් නිසා අධිකරණයේ පෙනී නොසිටි අතර දැරියගේ ඥාතීන් අධිකරණයට පැමිණ සිටියා.
දැරියගේ පියා, දැරිය අහිමිවීමේ කම්පනය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ”නෙළුම්” පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ඉමල්ෂා දෙව්මිණී දම්මුල්ල නැමැති පවුලේ එකම දරුවායි.