රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරයේ සිටින වයස අවුරුදු 30 ක් පමණ වන "රාවණා" හස්‌තියාට සිදුකරන ලද ප්‍රතිකාරයන්හි වැරදීමක් නිසා මේ වන විට එම හස්‌තියා මරණාසන්න තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වනවා.
රාවණාගේ ඉදිරි වම් පාදය බිඳීමකට ලක්‌වී ඇති අතර මේ සඳහා ප්‍රතිකාර කිරීමට කර ඇත්තේ අලි ඇතුන්ගේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සම්බන්ධව කීර්තියක් උසුලන පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ප්‍රසාද් ඉරෝෂන් මහතායි.
ඒ මහතාගෙන් ප්‍රතිකාර ලද "රාවණ" ඉක්‌මනින් සුව වෙමින් සිටි අතර "රාවණාට" ඇතිවී තිබෙන උදාරාබාධයක් සඳහා තවත් අයෙකු විසින් ප්‍රතිකාරයක් ලෙස කිසියම් එන්නතක් ලබාදී තිබෙනවා.
මෙම එන්නත ලබාදීමෙන් පසුව එතෙක් නැඟිට සිටි "රාවණා" ඇදවැටී ඇති අතර මේ වන විට නරඹන්නන්ගෙන් වසන්කර වෙනම ස්‌ථානයක රඳවා සිටිනවා.
පහත ඡායාරූපයේ දැක්‌වෙන්නේ මරණාසන්නව වැතිර සිටින "රාවණා"යි.