පළාත් පාලන මැතිවරණය මහ මැතිවරණයෙන් පසුව පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
අලුත් කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ මේ වසරේදී මෙම ඡන්දය පැවැත්වෙන බව ජනාධිපතිවරයා ද ජන හමුවක දී සඳහන් කරනු ලැබුවා.
පළාත් පාලන ආයතන 270 විසුරුවා හැර එහි බලය විශේෂ කොමසාරිස්වරයකු යටතට පැවරන බවද එහි දී සඳහන්ව තිබෙනවා.
දීර්ඝ කාලීනව විශේෂ කොමසාරිස්වරයකු යටතට පළාත් පාලන ආයතනවල බලය පැවරිය නොහැකි බැවින් ඡන්දය කඩිනමින් පැවැත්විය යුතු බව රජයේ අදහසයි.