සුනාමියෙන් විනාශවූ ප්‍රදේශවල නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය මහතා මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි නායක එමිල්කාන්ත් සමඟ සාකච්ඡා කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතා අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ තම සේවාදායකයා මුදා නොගත් ප්‍රදේශවලට ගොස් සාකච්ඡා කළ බව පිළිගන්නා බවයි.
එසේ කළේ රාඩා හිටපු සභාපතිගේ උපදෙස් පරිදි බවත්, ඔහු නිදැල්ලේ සිටිය දී නිලධාරීන් පමණක් අත්අඩංගුවට ගන්නා බවත් නීතීඥවරු සඳහන් කළා.
සුනාමි නිවාස ඉදිකිරීමට වෙන් කළ රුපියල් කෝටි 12.7ක් වංචා කළැයි සැකපිට වික්‍රමසූරිය මහතා 19 වනදා දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.
එම මුදල් ඇඟළුම් කම්හල් දෙකක ගිනුම්වලට බැර කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.