ලෝක උරුම ගාල්ල කොටු පවුරේ ඉතා අභිමානවත් ලෙස බැබළෙන ඔරලෝසු කණුවේ අකුණු සන්නායකය කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ඇති නිසා අකුණු සර වැදීමෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවිය හැකි බව වර්තා වනවා.
මේ ඔරලෝසු කණුව දිවයිනේ උසම දර්ශනීය ඔරලෝසු කණුව වන අතර, වසර 133 පමණ පැරැණි ගාල්ල නගරයට අභිමානයක් ගෙන දෙන්නක්.
පසුගිය මාර්තු මස පළමු වතාවට මේ ඔරලෝසු කණුවට අකුණු සර වැදී ඇති අතර ඒ තුළින් කණුවේ ඉහළ කොටසෙහි ගලක් පවා ගැලවී බිමට වැටී තිබෙනවා.
ඒ තුළින් කණුවේ ඉහළ කොටස ඉරි තැලී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මේ අකුණු සංනායකය තඹ තහුඩුවක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ ගණනක්.
මෙය පසුගිය කාලයේ දී කිසියම් පිරිසක් ගලවාගෙන ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට මේ අකුණු සංනායකය ගැලවීමෙන් අකුණු සර වැදීමට පටන්ගෙන තිබෙනවා.
ප්‍රදේශ වැසියන් පවසන ආකාරයට එය පමණක් නොව කොටුවේ හෝරා ස්ථම්භය අවට තියෙන ගොඩනැගිලි වලට පවා මේ අකුණු සංනායකය නොමැතිකමින් අවදානම් තත්ත්වයක් පවතිනවා.