ඊයේ (09) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරණ ගුවන් යානය බීමත් ශ්‍රී ලාංකිකයෙකු නිසා නැවත හරවාගෙන ගොස් ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ ගොඩබස්සවා තිබෙනවා.
ගුවන් යානය මුලින්ම ක්වාලාලම්පූර් ගුවන් තොටුපලෙන් නික්මී මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පැය දෙකක් පමණ වට කිහිපයක් ගමන් කළ බව සඳහන්.
කෙසේ නමුත් මගී ගුවන් යානය ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේ සුරක්ෂිතව ගොඩබස්සවා ඇති බවයි මලයාසියානු මාධ්‍ය සඳහන් කළේ.
ශ්‍රී ලාංකිකයා පාලනය කර ගැනීමට ගුවන් සේවකයින්ට අපහසු වී ඇත. ඒ වන විටත් පැය 2ක් පමණ යානය ගුවනේ නිකරුණේ කල් ගෙවා තිබිණි. සැකකරු එරට පොලිසිය භාරයට ගෙන ඇත.