මට රිදුනේ නෑ මයෙ පුතේ .....
උඹ මට... මන්නා පිහියෙන් ගහද්දි...
අද ලෝක මව්වරුන්ගේ දිනයයි. සෑම මැයි මාසයේම දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙනවා. පසුගියදා කොටකෙතනේදී සිය මව ඝාතනය කළ පුතා පිළිබඳ අන්තර්ජාලයේ පුරා කතාබහක් ඇතිවුණු අතර වෙබ් අඩවි වලද ඒ සම්බන්ධයෙන් විවිධ පුවත් නිර්මාණය වන්නට වුණා.
අද ලෝක මව්වරුන්ගේ දිනයේදී අම්මාවරුන්ගේ ගුණ කතන ෆේස්බුක් එකේ වොල් එක පුරා ලියවෙද්දී පසුගියදා කොටකෙතනේදී සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම මුල්කරගෙන ඒ අම්මා ගේ හිතේ ඇතිවූ අදහසක් යන මැයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමුකර තිබූ නිර්මාණයක් බොහෝ අයගේ කතාබහට ලක්වුනා.
එම නිර්මාණය පහතින්.....
පුතේ,
මට රිදුනේ නෑ මයෙ පුතේ .....
උඹ මට ... මන්නා පිහියෙන් ගහද්දි ...
මං දැක්කා මයෙ පුතාගේ එඩිතරකම ...
සිහිය නැති මාව දෑතින්ම උස්සද්දී ..
මං දැක්කා රත්තරනේ උඹේ .. සවිමත් බව ...
මාව අර මුසල කොටකෙතනේ තනියම තියද්දි .. මං බය උනා ...
මට මෙතන තනිවෙන්න වෙනවනේ කියලා ...
ඒත් මට හරි සතුටුයි ...
මයෙ එකා .. මාව එතන තියලා එද්දී .. උඹේ හිතේ හයිය දැකලා ...
මං ඇඳුමක් නැතුව .. මහා මුකලානේ .. ඉන්නකොට හීතල දැනුනා රත්තරනේ ...
එත් උඹ හොඳට පොරෝගෙන නිදාගෙන ..
උඹේ ආදරවන්ති ට කතා කරනකොට .. මං සතුටු කඳුළු හෙලුවා ..
උඹ කවදාහරි ඒ කෙල්ලට ..
කොච්චර හොඳ පෙම්වතෙක් සැමියෙක් වෙයිද කියලා ....
මයෙ කුසේ ඉඳලා , කිරි බීලා හැදිච්ච උඹේ හයිය ගැන ..
මං හැමදාමත් ආඩම්බර වෙනවා පුතේ ...
එත් ඒ ආඩම්බරේ දැකලා .. උඹව බදාගන්න , ඒ සතුටට බත් කටක් කවන්න ..
මං උඹ ළඟ නැති එකට උඹට දුක හිතුනද ? රත්තනේ ...
අනේ සමාවෙයන් මයේ පුතේ .. මං මගේ රන්කඳ ළඟ ඉන්න
පිං කරලා මදි ...
ඒත් .. උඹට ඕනම වෙලාවක ..
මාව මතකෙට ගනින් .. මගේ ලේලිව හොඳට බලාගනින් ..
මං හැමදාමත් උඹට ආදරෙයි මයේ පුතේ ...
මීට ..
අම්මා
සටහන නිලුපුල් චාමිකර - Hiru FM