වත්තල නගරයේ රෙදිපිලි අලෙවිසැලක පසුගිය දිනක රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් එහි සේවය කළ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව පිහි ඇනුම සිදුකළ සැකකරු ද එම ස්ථානයේදීම ගෙළ කපාගෙන ඇති අතර, ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් සැකකරු මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19 ක් වයසැති වත්තල - හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
23 හැවිරිදි සැකකරු ලබුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ තත්ත්වය බරපතල බවයි රාගම රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.