කවුරු කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු බොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙල, 59 වන Filmfare උළෙල ඊයේ රෑ මුම්බායේදී පැවැත් වුණා.සුපිරි බොලිවුඩ් තාරකාවන් සියල්ලගේම සහභාගීත්වයෙන් මෙවරත් පැවැති Filmfare සම්මාන උළෙලෙදි හැමෝම කතා වුණේ සුරූපී නිළි දීපිකා පදුකෝන් ගැනයි. හේතුව තමයි 2013 වසරේ රගපාපු films 4ම ආදායම් වාර්තා තිබ්බ නිසා දීපිකාට මේ පාර හොදම නිළිය සම්මානය ලැබෙයි කියලා අනාවැකි පළවෙලා තිබ්බ එක.අන්තිමට ඒ අනාවැකි ඇත්ත වුණා.දීපිකා මේ පාර හොදම නිළිය වුණා.මේ තියෙන්නේ 59 වන Filmfare සම්මාන උළෙලේ එක් එක් සම්මාන බෙදිලා හැටි..
හොදම නිළිය - දීපිකා පදුකෝන් ( RamLeela)
හොදම නළුවා - ෆර්හාන් අක්තාර් (BhaagMilkhaBhaag)
හොදම අධ්‍යක්ෂක - රාකේෂ් ඕම්ප්‍රකාෂ් (BhaagMilkhaBhaag)
හොදමචිත්‍රපටය - BhaagMilkhaBhaag
හොදම නැගී එන අධ්‍යක්ෂක - රිතේෂ් බට්රා (The Lunchbox)
හොදම නැගී එන නළුවා - ධනුෂ් (Raanjhanaa)
හොදම නැගී එනනිළිය - වානී කපූර් (ShuddhDesi Romance)
හොදම කතාව - සුභාෂ් කපූර් (Jolly LLB)
හොදම තිර පිටපත - අභිෂේක් කපූර් (Kai Po Che)
හොදම සංගීතය - ජීත් ගංගුලි,මිතුන්,අන්කිත් තිවාරි (Aashiqui 2)
හොදම ගායකයා - අරිජිත් සිංග් (Tum hi ho, Aashiqui 2)
හොදම ගායිකාව - මොනාලි ථාකූර් (Sawaar loon, Lootera)
හොදම සංස්කරණය - අරිෆ් ෂෙයික් (D-Day)
හොදම දෘශ්‍ය ප්‍රයෝග - ටාටා එලික්සිස් (Dhoom:3)
වසරේ රැල්ලක් ඇති කළ චිත්‍රපටය - Chennai Express
ප්‍රියංකා චොප්රා එක්ක රන්බීර් කපූර් මේ පාර Filmfare සම්මාන උළෙලේ නිවේදකයන් විදිහට කටයුතු කරද්දි බොලිවුඩ් තාරකාවන්ගේ එකිනෙකාට නොදෙවෙනි ඇදුම් විලාසිතා නිසා මුළු සම්මාන උළෙලම වර්ණවත් වුණා කියලයි විචාරකයෝ කිව්වේ.ඒ බව මේ ඡායාරූප වලිනුත් ඔප්පු වෙනවා...