Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
01
පුංචි පැලෙන් රජ මැදුරට ගිය පෙම්දස් ගුණ සැමරේ (ඡායාරූප)

- පුංචි පැලෙන් රජ මැදුරට ගිය පෙම්දස් ගුණ සැමරේ (ඡායාරූප)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

189 Views
දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 22වැනි ගුණ සමරුව අදට (1) යෙදී තිබෙනවා.

ලෝක කම්කරු දිනය සමරමින් මැයි පෙළපාලියේ ගමන් ගනිමින් සිටිය දී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් ප්‍රේමදාස මහතා දිවි මගෙන් සමු ගත්තේ 1993 වසරේ දී.


පීඩිත පන්තියේ පවුලක ඉපිද රජ මැදුරට ගිය ප්‍රේමදාසයන් ජනසවිය සහ උදාගම් ව්‍යාපාරය අරඹමින් කළ මෙහෙය අදත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිහිපත් කරන්නේ මහත් බැතියෙන්.

දරුවන් සහ ඥතීන් පිරිවරාගත් ලෝකයක්‌ ඔහුට නොතිබූ අතර තමාගේ ගම් පළාත පමණක්‌ අන් හැම තැනකටම වඩා උදාරය යන පටු අදහස ඔහු තුළ නොතිබූ බව ප්‍රසිද්ධ කරුණක්.

රට හදන්නට නම් ගම හැදිය යුතු බව නිතර පැවසූ ඔහු වැඩ කරන්නට කැමති අයට දුන් පළමු උපදේශය වූයේ මිනිසුන් අතරට යන්න, ඔවුන්ගෙන් ඉගෙන ගන්න යන්නයි.

කොළඹ අතහැර, මෙරටේ දුෂ්කරම කලාපය වූ හම්බන්තොට දිළිඳු ජනතාව අතරට ගොස්‌ එතැනින් පටන්ගෙන දේශපාලනය කරන ලෙස සජිත් ප්‍රේමදාස පුතුට උපදෙස්‌ දුන්නේ ද ඔහුයි.

පවූල් දේශපාලනය පිළිබඳ එදා අපට අසන්නට නොලැබුණේ ඒ නිසායි.

ප්‍රේමදාස යුගයේ සිදු වූ බොහොමයක්‌ ව්‍යාපෘති මිනිසුන්ගේ ජීවිතවලට දැනෙන, බලපෑමක්‌ සිදුවූ දේශපාලනීකරණය නොවූ ව්‍යාපෘති වුණා.

ජනසවිය ව්‍යාපාරය, ජනසවිය භාරකාර අරමුදල නම් ව්‍යවස්‌ථාපිත අරමුදල මගින් විධිමත්ව පාලනය වූ දේශපාලනයෙන් තොර වූ ජනහිතකාමී ව්‍යාපෘතියක්‌ ලෙස පවත්වා ගැනීමට ඔහුට සමත්කම් දැක්වුවා.

උසස්‌ අධ්‍යාපනයක්‌ නොලද තරුණියන් මෙරට ශ්‍රම බළකායේ කැපීපෙනෙන මට්‌ටමක සිටින බව තේරුම්ගත් ඔහු ඇඟලුම් කම්හල් සිය ගණනක්‌ පිහිට වනු ලැබුවා.

එමෙන්ම,ජාතියට අමතකව තිබූ යුගයක්‌ අවදි කළ වියපත් ටවර්හෝල් කලා ශිල්පීන් වෙනුවෙන් කළ වැඩ කොටසද විශිෂ්ටයි.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ විසිදෙවැනි ගුණසමරු වැඩසටහන අද (1) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ, ප්‍රේමදාස පිළිරුව අසළ දී පැවැත්වුණා.

ගුණසමරුව වෙනුවෙන් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය ද වැඩසටහන් රැසක් සංවිධානකර තිබෙනවා.


එවක ජනපති ජේ.ආර්. සමග 


එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්චා කරමින් 


චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ඇතුළු යොවුල් ගී කණ්‌ඩායම 1980 පළමු ගම්උදාවේ ගීත ගායනා කිරීමට පෙර ඔහු හමුවූ මොහොත 


ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වූ ස්ථානය 


පියාණන්ගේ නිසල දෙණ අසල හඬා වැටෙන සජිත් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top