ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගීත දර්ශකය වන හිරු ටී.වී. TOP 20 වැඩසටහන අද විශේෂත්වයක් ගන්නවා. ඒ, දෝහා කටාර් රාජ්‍යයේ වෙසෙන අපේ සහෝදර සහෝදරියන් සමග සංවිධාන වුණු දැවැන්ත බක් මහ උළෙලත් සමඟ එයට සමගාමිව ඉදිරිපත් කිරීමයි. දෝහා කටාර් රාජ්‍යයේ අවුරුදු උළෙල පැවැත්වෙන පරිශ්‍රයේ සිට සජීවීව පටිගත කළ මෙම වැඩසටහන ඔබට නැවුම් අත්දැකීමක් ගෙනෙනු නිසැකයි. අවුරුදු උළෙල සහ TOP 20 ගීත දර්ශකය ගෙන එන අයුරු පහත ඡායාරූපවලින් ඔබට දැකගත හැකියි