Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
10
පුතාට කොරෝනා නිසා පියා‌ගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ

- පුතාට කොරෝනා නිසා පියා‌ගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79 Views
ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ අද පෙරවරුවේ ආදාහනය සිදුකර තිබෙනවා.
 
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ පියෙකුයි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දඩැල්ල පොදු සුසාන භූමියේදී ආදාහනය කර ඇත්තේ.

කොරෝනා ආසාදිත ඔහුගේ පුතු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර නිරෝධායනය අවසන් කර නිවෙස වෙත යෑමෙන් පසුව කොරෝනා වැළඳී රෝහල්ගතකර තිබුණා.
 
එමෙන්ම, කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්වී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ඊයේ රාත්‍රියේ පළාගිය 19 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගියදා රෝහල් ගත කර ඇති අතර, පළා යමින් සිටියදී ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
 
තන්තිරිමලේ - කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර, ඒ අනුව ඔහු කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.
 
එහෙත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ අතර, කොරෝනා ආසාදනය වූ පුත්තලම - අට්ටවිල්ලුව ප්‍රදේශයේ කාන්තාවකගේ පවුලේ සාමාජිකයින් ඇසුරු කළ අය සිටීත් නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තොරතුරු ලබාදෙන ඉල්ලීමක් කරනවා.
 
34 හැවිරිදි ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය 05 වැනිදා අනාවරණ වී තිබුණේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
 
අද දිනය තුළ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 190ක්.
 
මෙරටදී කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50ක් වන අතර, වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 134ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
 
මෙරටින් කොරෝනා මරණ 07ක් ද වාර්තා වුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top