දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ලබන 05දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (23) නියෝග කර තිබෙනවා.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සේවකයන් වෙත මහා භාණ්ඩාගාරයේ අනුමැතියක් නොමැතිව පාරිතෝෂිත දීමනා දිවිනැගුම මුදල්වලින් ගෙවීම, රුපියල් 3.50/- බැගින් වැය කර ලිත් ලක්ෂ 50ක් මැතිවරණ සමයේදී මුද්‍රණය කර ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇතත් එය සිදුකර ඇති ක්‍රමවේදයේ අක්‍රමිකතාවක් තිබිම සහ නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීම යන චෝදනා තුනක් සහිත නඩු තුනක් මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ද මෙම චෝදනාවලට අදාළවයි.
සැකකාර අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ තම සේවාදායකයාගේ රෝගී තත්ත්වය සලකා බලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට නියෝගයක් නිකුත් කළා.