එක්සත් රාජධානිය විසින් කොවිඩ් වයිරස් ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් ඇණවුම් කර ඇති නමුත් ඒවා කිසිවක් භාවිතයට සුදුසු නොවන බව එරට මහජන සෞඛ්‍ය පරීක්ෂණ ප්‍රධානියා වන මහාචාර්ය ජෝන් නිව්ටන් පවසා තිබෙනවා.
චීනයේ නිෂ්පාදිත පරීක්ෂණ කට්ටල මඟින් දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ප්‍රතිශක්තිය නිවැරදිව තහවුරු කිරීමට හැකි වුවත්, සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට ඵලදායී නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
යම්කිසි පුද්ගලයකු කොවිඩ් - 19 ආසාදනය වී තිබේද යන්න සහ ඔහුගේ ප්‍රතිශක්තිකරණය යහපත් මට්ටමට පත්ව තිබේද යන්න සොයාගැනීමට, රුධිරයේ අන්තර්ගත ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කිරීම මෙම කට්ටල මඟින් සිදු කරනු ලබයි. මහාචාර්ය ජෝන් නිව්ටන් ටයිම්ස් පුවත්පතට පවසා සිටියේ ඇණවුම් කරන ලද එක් පරීක්ෂණ කට්ටලයක්වත් ඇගයීම් කඩයිම සමත් වී නැති බවයි.