ලොව පුරා එන්නත් 44ක් පර්යේෂණ මට්ටමේ...
කොරෝනා-වලට බේත් හදන්න අමාරු ඇයි?
නිශ්චිත එන්නතක් එන්න කොයි තරම් කල් ගත වෙයිද?
නව කොරෝනා වෛරසය නැසීමට මේ වනවිට ලොව පුරා රටවල් රැසක ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ ආයතනවල එන්නත් 44ක් නිෂ්පාදනය වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ආසාදිතයින්ගේ සිරුරේ වෛරසය විනාශ කිරීමටත්, වෛරසය ආසාදනය වීම වැළැක්වීමටත්, මෙසේ එන්නත් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා.
බැක්ටීරියා ආසාදන-වලට මෙන් නොව, වෛරස ආසාදනවලට බෙහෙත් නැත. ඊට හේතුව වෛරස ආසාදන මනුෂ්‍යයන් අතරේ බෝවෙමින් පවතින්නේ විකෘති වෙමිනුයි. කොවිඩ් 19 සඳහා එන්නතක් නිපදවීමේ අපහසුතාවයක් ඇත්තේ නිසායි.
කෙසේ නමුත් කොවිඩ් 19 වෛරසයේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද‍්‍යාඥඥයින් සමත්ව තිබෙනවා.
එපමණක් නොව වෛරසය කෘත්‍රිමය නිපදවීමට ඕස්ට්‍රේලියා වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී තිබෙනවා.
ඒ අනුව කොවිඩ් 19 සඳහා එන්නතක් නිර්මාණය වනු ඇති බවත්, ඒ සඳහා තව මාස 6ක් හෝ අවුරුද්දක් හෝ ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය නිසා සංකුලතා ඇති වනවා. ආසාදිතයින් බොහෝ දෙනෙකු මිය යන්නේ පෙනහළු ආසාදනය වී නිව්මෝනියා තත්ත්වයෙනුයි.
මෙම සංකුලතා මඟහරවා ගැනීමට විවිධාකාරයේ ඖෂධ ලබාදීමක් සිදු වනවා.
ඒ සියල්ලටම වඩා සාර්ථකව ඇත්තේ රුධිර ප්ලස්මා ප්‍රතිකර්මයයි. වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයින්ගේ රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මය සිදු කරනවා.