වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාහ වූ යුවළක් පිළිබඳව පුවතක්, ඉන්දියාවේ මහරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාර්තු 24 වන දා සිට දින 21ක කාලයක් රට වසා දැමීමට, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියවර පසුගියදා පියවර ගත්තා.
මෙම කාලසීමාව තුළදී සමූහ වශයෙන් එක්රැස් වීමට හෝ පෞද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට හෝ අවසර නැහැ.
මෙවැනි පසුබිමක විවාහ දිවියට පත්වූ මෙම යුවළ වීඩියෝ ඇමතුමක් ඔස්සේ ඔවුන්ගේ විවාහයේ සියලු චාරිත්‍ර සිදු කර තිබුණා. කොරෝනා අර්බුදයට පෙර ඔවුන් විවාහය සඳහා දිනය නියම කරගෙන තිබූ අතර අමුත්තන් සඳහා ආරාධනාපත් ද යවා තිබුණා.
කෙසේ වෙතත් එවන් තත්ත්වයක් තුළ මෙලෙස ඔවුන් විවාහය සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් වාර්තා කළේ.