කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් ජපානය ටෝකියෝ නුවර ඇතුළු එරට කලාප 6ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා.
එමෙන්ම, කොරෝනා වෛරසය නිසා ඇති වන ආර්ථික හානිය අවම කරලීම සඳහා සහන පැකේජයක් ද අද ජපාන රජය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජපානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව 3654 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 85ක් ද වාර්තා වී තිබෙනවා.
ජපානය අද ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙන අතර එහිදී අදාළ පළාත් ආණ්ඩුකාරවරුන්ට ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සහ ජනතාව නිවෙස්වලට සීමා කිරීම සඳහා බලතල පැවරෙනවා.