ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඔහුට අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ෂාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරි ඛාන්ගේ පෞද්ගලික කාර්යාලය මෙසේ නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇති අතර දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් සඳහා එය භාවිත කරන්නැයි ද ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර ප්‍රධාන පරිපාලන ඒකකය වන බ්‍රිහාන්මුම්බායි නගර පරිපාලනයට එම පරිත්‍යාගය කර ඇති බවයි සදහන් වන්නේ.
ඔහු ඉන්දීය රජයේ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාගයක් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.