මේ සම්බන්ධයෙන් සත්ත්ව උද්‍යානය නිල ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබුණා.
සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට රෝග ලක්ෂණ නොපෙන්වන බව එම නිවේදනයේ සඳහන්.
'නාඩියා'ට මෙය වැළඳි ඇත්තේ සත්ත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බවයි අනාවරණය වන්නේ.
මාර්තු 16 වැනිදා සිට වසා දැමුණු මෙම සත්ත්ව උද්‍යානය ජනතාවට විවෘත වූයේ නැහැ.
මෙම සිදුවීම සමඟ වෛරසයෙන් පෙළෙන ඕනෑම කෙනෙක්, සුරතල් සතුන් සමඟ සම්බන්ධතා අවම කරන ලෙසට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) උපදෙස් ලබා දී තිබෙනවා.
මීට පෙර සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා වැළඳුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.