වැඩි පිරිස වෘත්තිකයන් හා සිසුන් බව හෙළි වේ..
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය තොරතුරු දෙන් නෑ...
මෙන්න ඉන්දියාවේ අලුත්ම තත්ත්වය..
ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින්ගෙන් සියයට 83 කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට අඩු අය බව "ටයිම්ස් ඔෆ් ඉන්ඩියා " පුවත්පත පවසනවා.
එම ප්‍රතිශතයෙන්ද සියයට 41 ක් වයස අවුරුදු 21-40 වයස් කාණ්ඩයට අයත් අය වන අතර මෙම වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ අයගෙන් එම වයිරසය ආසාදනය වී ඇත්තේ සියයට 17ක ප්‍රතිශතයකට පමණයි.
කොරෝනා වයිරසයට ගොදුරු වූ තරුණ ජනගහණයෙන් වැඩි දෙනෙකු පසු ගිය කාලයේ විදේශීය රටවල සිට ඉන්දියාවට නැවත පැමිණි වෘත්තිකයින් හා සිසුන් බව අනාවරණය වී තිබෙනවා.
කෙසේ වුවද රටේ කොරෝනා වයිරස් ආසාදිතයින්ගේ මරණවලින් වැඩි ප්‍රතිශතයක් වැඩිහිටියන් බව එම පුවත්පත පෙන්වා දෙනවා.
එම ප්‍රතිශතය තවමත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හෙළිදරව් කර නැහැ.
ඉන්දියාවෙන් අද (05දා ) උදැසන වන විට කොරෝනා වයිරස් ආසාදිතයින් 3588 දෙනෙකුද ආසාදිත මරණ 99ක් ද වාර්තා වී තිබුණා.