ඇඳිරි නීතිය පැනවීමත් සමඟ බස්නාහිර පළාත තුළ ගම්බිම්බලා යාමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින් පිටත් කර හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පොලීසිය සමඟ එක්ව ඊට අදාළ වැඩපිළිවෙල මේ වනවිට සකස් කරමින් පවතින බවයි.
ඒ අනුව, බස්නාහිර පළාතේ නවාතැන් ගෙන සිටින පුහුණු ශ්‍රමිකයින් සහ කම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.