Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
23
නිදිවර්ජිත පාර්ලිමේන්තු රාත්‍රියේ නෑසුණු රස කතා ටික ටික එළිබසියි !

- නිදිවර්ජිත පාර්ලිමේන්තු රාත්‍රියේ නෑසුණු රස කතා ටික ටික එළිබසියි !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

99 Views
පබා කලිසමෙන් ඇවිත් කාඩ් කූට්ටමෙන් සෙල්ලම් කළාලු!

පාන්දර 1 ට කිරිකෝපි: 2.30ට ඔක්කොම නිදිලු!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය දක්වමින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් උපවාසයේ නිරතව සිටි අවස්ථාවේ විමල් වීරවංශ සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු අගමැතිවරයාගේ ආසනය ඇති තැනට ගොස් ඔහුව අනුකරණය කළ බව වාර්තා වෙයි.


ඉතිරි මන්ත්‍රීවරුන් එය දෙස බලමින් ප්‍රීතිමත්ව හැසිරී තිබෙනවා.මේ අතර උපේක්ෂා ස්වර්ණමාලි,ජනක වක්කුඹුර,රන්ජිත් සොයිසා සහ ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරු කාඩ් ක්‍රීඩාවේ නිරත වී ඇත්තේ ද සභා ගැබ තුළ දීයි.
 
ඇතැම් පරණ මන්ත්‍රීවරු තම ප්‍රථම ප්‍රේමය ගැන කතා කර ඇති අතර විමල්,රෝහිත,සී.බී.සහ ටී.බී.යන මන්ත්‍රීවරු ගීත ගයමින් විනෝද වී තිබෙනවා.

මේ ගැන මාධ්‍යවේදියෙක් විශේෂාංගයක් ලියා ඇති අතර එය පහතින් කියවිය හැකියි.

එදා පාර්ලිමේන්තුව පෙ.ව. 10.30ට කල් තැබුවද උපවාසයේ නිරත වූ මන්ත්‍රිවරුන් තමන්ගේ උපවාසයට එය බාධාවක් කරගත්තේ නැත. ඔවුන් වතුර බෝතල් සභා ගර්භයට ගෙන්වා ගත් අතර සේවාමුර ක්‍රමයට එක්කෙනා දෙදෙනා බැගින් දිවා ආහාරය ලබා ගැනීමට ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයටය.

ක්‍රම ක්‍රමයෙන් රෑ බෝවුණු අතර අධික වර්ෂාපතනයක්ද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිභාගයට ඇදහැලූ‚. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන් 80කට අධික සංඛ්‍යාවක් සභා ගර්භයේ දිගටම රැඳී සිටීමට තීරණය කළ නිසා කතානායක චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වේත්‍රධාරි අනිල් සමරසේකර මහතා ප්‍රමුඛ කාර්යය මණ්ඩලයද පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට කටයුතු කළහ. පාර්ලිමේන්තුවේ සියලූම අංශවල සේවකයන් කිහිපදෙනකුට මේ නිසා රාත්‍රිය පහන් වනතුරු සිටීමට සිදුවූ අතර පාර්ලිමේන්තු පොලිසියටද උපදෙස් ලබාදී තිබුණේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටය.

අපූරු හැන්දෑව 

20 වැනිදා සවස 7.00 පමණ වන විට පිරිසක් සේවාමුර ක්‍රමයට නිවෙස් බලා පිටත්ව ගියේ පිරිසක් සභා ගර්භයේ උපවාසයේ නිරත වෙමින් සිටියදීය. නිවෙස්වලට ගිය පිරිස ඇඟපත සෝදාගෙන සමහරුන් රාත්‍රි ආහාරයද ලබාගෙන පැමි‚යේ සාමාන්‍ය ඇඳුම්වලින් සැරසීගෙනය. සභා ගර්භයේ දිගටම උපවාසයේ නිරත වූ මන්ත්‍රිවරුන් රාත්‍රියට මාරු කරගැනීම සඳහා ඇඳුම් පාර්ලිමේන්තුවටම ගෙනවිත් තිබූ නිසා ඔවුන්ට ගැටලූවක් නොවීය.

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් චිකන් ඩෙවල්

පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ සිටි මන්ත්‍රිවරුන් රාත්‍රි ආහාරය ලබාගත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි භෝජනාගාරයෙනි. සේවා මුර ක්‍රමයට එක්කෙනා දෙන්නා බැගින් ගොස් ආහාර ලබාගත්තේ පිරිසක් සභා ගර්භය තුළ සිටින විටය. මන්ත්‍රිවරුන්ට අවශ්‍ය ආහාරපාන ඇතුළු සියලූ පහසුකම් සම්බන්ධයෙන් වේත්‍රධාරිවරයා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඒ වන විටත් විශේෂ අවධානයක් යොමුකර ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවල්, නූල්ඩ්ස්, ඉදිආප්ප, කිරිහොදි, මාළු, පාන්, පොල්සම්බල් මන්ත්‍රිවරුන්ගේ රාත්‍රි ආහාරය සූදානම් කර තිබිණ.

රාත්‍රි 9.00 වන විට 90කට ආසන්න මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණ සිටි අතර බොහෝ දෙනකු පැමිණ සිටියේ සැහැල්ලූ ඇඳුම්වලින්ය. ජාතික ඇඳුම, යුරෝපීය ඇඳුම, සාරිය වැනි ඇඳුම්වලින් සැරසී වෙනදා පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රිවරුන්, මන්ත්‍රිවරියන් මෙසේ සැහැල්ලූ ඇඳුමින් සැරසීම විශේෂත්වයකි.

පබා මාලිනී කලිසමෙන්

රෝහිත අබේගුණවර්ධන, ටී.බී. ඒකනායක, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී. රත්නායක ඇතුළු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් පැමිණ සිටියේ සරොම් හා සැහැල්ලූ ටීෂර්ට් පැලඳගෙනය. සී.බී. රත්නායක අමාත්‍යවරයා නිල් පැහැති සාටකයක් පැලඳ සිටි අතර බොහෝ දෙනකු එම සාටකය ගැන විමසන්නට විය.
නාමල් රාජපක්ෂ, උදිත ලොකුබණ්ඩාර ඇතුළුතරුණ මන්ත්‍රිවරුන් පැමිණ සිටියේ ටීෂර්ට් ඇඳගෙනය. උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිවරිය දිග කලිසමකින් හා ටීෂර්ට් එකක් ඇඳ සැරසී සිටියාය. සිනමා රැජන මාලිනී ෆොන්සේකා මහත්මියද සැරසී සිටියේ දිග කලිසමකින් හා ටීෂර්ට් එකකිනි. කමලා රණතුංග, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් තිදෙනාම සැරසී සිටියේ සාරිවලිනි.

සභා ගර්භයේ තැන් තැන්වල සිට කණ්ඩායම් ගැසී බොහෝ දෙනා ආගිය තොරතුරු කතාකරමින් සිටි අතර රාත්‍රි 11.00 පමණ වන විට සභා ගර්භයේ සිටි මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවී 110ද ඉක්මවා තිබි‚. වත්මන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකුම මධ්‍යම රාත්‍රිය වනතුරු පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ රැඳී සිටීම විශේෂත්වයකි.

වයසක මන්ත්‍රිවරු පළමු ප්‍රේමය මතක් කරලා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ද පැමිණ උපවාසයේ යෙදුණු මන්ත්‍රිවරුන්ගේ සැපදුක සොයාබැලීමට අමතක නොකළහ.රාත්‍රි 10.00ට පමණ කිරි කෝපි සහ කෙටි ආහාර වර්ගවලින් පාර්ලිමේන්තු සේවකයෝ සභා ගර්භයටම පැමිණ උපවාසයේ නිරත වූ මන්ත්‍රිවරුන්ට සංග්‍රහ කළහ.පිරිසක් රස කතා ගැන කතා කරමින් සිටින විට මැදිවියේ පසුවන පිරිස් කතා කළේ තමන්ගේ පාසල් කාලය, පාසල් ප්‍රේමය හා කැඩුණු ආදර සම්බන්ධතාවන්ය. මෙහිදී සමහරුන් මහ හයියෙන් සිනාසෙන විට සභා ගර්භය පුරා එය දෝංකාරයට ලක්වේ.

ගීත ගායනා 

රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, සී.බී. රත්නායක, ටී.බී. ඒකනායක මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් ගීත ගායනා කිරීම ආරම්භ කළේ zහෙළ ජාතික අභිමානේz ගීතය ගායනා කරමිනි. ඉන් පසුව දේශාභිමානි ගීත රැසක් ගායනා කළ ඔවුහු එච්.ආර්. ජෝතිපාල, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ ඇතුළු ගායන ශිල්පීන් රැසකගේ ගීත ගායනා කිරීමට පටන් ගත්හ. මෙය සංගීත සන්ධ්‍යාවක් වශයෙන් සභාව මෙහෙයවමින් පවත්වාගෙන ගියේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාය.

රෝහිත කුරේ වෙද්දී විමල් මහින්දානන්ද අගමැති රනිල් වෙති

ටිකක් වේලා යන විට හැමෝගේම අවධානය දිනාගත් අංගයක් වූයේ එක් එක් දේශපාලනඥයා අනුකරණය කර කතා කිරීමේ අංගයයි. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා කතා කළේ රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා අනුකරණය කරමින්ය. විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරුන් කතා කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනුකරණය කරමින්ය. අග්‍රාමාත්‍යවරයාගේ ආසනය තිඛෙන ස්ථානයට ගොස් මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා කළ කතාවට බොහෝ දෙනකු සිනාසුණේ බඩවල් අල්ලාගෙනය.

ජානක-රංජිත්-පබා සෙල්ලම් දමති

මේ අතර කාඩ් කුට්ටමක්ද මන්ත්‍රිවරයකු සභා ගර්භයට ගෙනැවිත් තිබු‚. ජානක වක්කුඹුර, රංජිත් සොයිසා, ෂෙහාන් සේමසිංහ, උපේක්ෂා ස්වර්ණමාලි ඇතුළු පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිටි ස්ථානයේද විශාල පිරිසක් ඉඳිමින් ඊට උපදෙස් ලබා දුන්හ.

මාලිනී ෆොන්සේකා මහත්මිය සිටි නිසා ඇය දෙසට අත දිගු කරමින් තුෂාරා චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල ගායනා කරන ඕ තුෂාරා... ඕ තුෂාරා... ගීතය ගායනා කරමින් නර්තනයක යෙදුණේ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රිවරයාය. මෙම ගීතයට අනෙක් මන්ත්‍රිවරුන්ගෙන් ලැබුණේ විශාල ප්‍රතිචාරයකි.

පාන්දර 1 ට කිරිකෝපි: 2.30ට ඔක්කොම නිදි

අලූයම 1.00ට පමණ කිරි කෝපිවලින් යළිත් වරක් සංග්‍රහයක් ලැබුණු අතර අලූයම 2.30 පමණ වන විට සියල්ලන්ම නින්දට ගොස් තිබු‚. නමුත් විටින් විට සමහරුන් අවදි වූයේ මෙය නුපුරුදු අත්දැකීමක් වූ නිසාය.පාර්ලිමේන්තු සභා ගර්භයේ රතු කාපට් එකේ බොහෝ දෙනකු වැතිරී නිදාගත් අතර සමහරුන් දොරටු අසල පිහිටා ඇති පියගැට පෙළේත් සමහරුන් කතානායක ආසනය අසල පියගැට පෙළේත් නිදාගත්තේ සැප පහසුකම මොහොතකට අමතක කරමිනි.

බොහෝ දෙනකුගේ හිසට කොට්ට වශයෙන් භාවිතයට ගත්තේ මන්ත්‍රි ආසනවල කුෂන්ය. පෙරවීමට රෙදි ගෙනැවිත් දුන්නේ පාර්ලිමේන්තු සේවකයන්ය.නින්දට පෙර සභා ගර්භයේ රූපවාහිනියෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සහභාගි වූ වැඩසටහනක් නැරඹූ අතර මේ ගැන වැඩි අවධානයක් යොමු කළේ විමල් වීරවංශ මහතාය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අස්සන් භාරගැනීම පැවැරී තිබුණේ රංජිත් සොයිසා මන්ත්‍රිවරයාටය. එම මන්ත්‍රිවරයා නිදාගන්නා අවස්ථාව වන විට 116 දෙනකුගේ අස්සන් තබාගෙන තිබූ අතර ඔහු එය කෙතරම් පරිස්සම් කළාදැයි කියනවා නම් රංජිත් සොයිසා මන්ත්‍රිවරයා නිදාගත්තේ එම අස්සන් සහිත ලිපිය ඇතුළත් ෆයිල් කවරය හිසමත තබාගෙනය.

හොඳම ගෙරවීමේ කප් එක මන්ත්‍රි රෝහණ පුෂ්පකුමාරට

නිදාගනිද්දී වැඩියෙන්ම ගොරවා ඇත්තේ වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මන්ත්‍රිවරයාය. ඔහුගේ ගෙරවිල්ල නිසා ඇහැරුණු කිහිපදෙනෙක්ම පැවැසුවේ මාලිගාවත්තේ ලී මෝලක් පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ගෙනත් සවිකර ඇති බවයි. කොට කලිසම් ඇඳගෙන සිටි සමහර මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සේවකයන්ගෙන් පොරෝන දෙක බැගින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව තුළ පවතින අධික සීතල හේතුවෙනි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top